බංග්ලාදේශයේ “ඩොනල්ඩ් ට්‍රම්ප්” බිලි පූජාවෙන් නිදහස්

“ඩොනල්ඩ් ට්‍රම්ප්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ බංග්ලාදේශයේ ඇල්බිනෝ වර්ගයේ මී හරකා මෙවර හජ් උත්සවයේ බිලි පූජාවෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සත්වයා පිළිබදව සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතා බහට ලක්වීමත් සමඟ, එරට රජයේ අවසන් මොහොතේ මැදිහත්වීමකින් පසු සත්වයා ඊද් අල්-අදා පූජාවෙන් බේරී ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ඇල්බිනෝ වර්ගයේ මෙම මී හරකාගේ හිසේ ඇති කෙස් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොන්ඩා විලාසිතාවට සමානකමක් දැක්වීම හේතුවෙන් සත්වයාගේ හිමිකරු විසින් මෙම සත්වයාට “ඩොනල්ඩ් ට්‍රම්ප්” ලෙස නම් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සත්වයාගේ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් බංග්ලාදේශය පුරා දැඩි අවධානයක් දිනා ගැනීමත් සමඟ කිලෝග්‍රෑම් 700ක් පමණ බරැති මෙම සත්වයා දැකබලා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් සත්වයා රඳවා සිටි ගොවිපළ වෙත පැමිණෙන්නට වුණා.

සත්වයාගේ හිමිකරු විසින් හජ් උත්සවය වෙනුවන් බිලි දීමට එම මී හරකා සූදානම් කර තිබූ නමුත්, රජය විසින් එම සත්වයාව ඉන් නිදහස් කරගෙන ඩකා අගනුවර පිහිටි ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන යෑමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56