බංග්ලාදේශයට එරෙහිව දැක්වූ කුසලතා හේතුවෙන් මෙන්ඩිස්, අසලංක හා වනියාට උසස් වීම්

ICC ශ්‍රේණිගත කිරීම් හි ජුලි 08 වැනි දිනට සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය දක්වා පැමිණෙන්නට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංග සමත් වුණා.

ඒ ඊයේ දිනයේ දී පල්ලෙකැලේ දී නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහිව තුන්වැනි හා අවසන් එක්දින තරගයේ දී ද ලකුණු 35කට කඩුලු 02ක් බිඳ හෙලමින්.

වනිඳු සමස්ත එක්දින තරගාවලිය පුරා ම කඩුලු 09ක් බිඳ හෙලුවා.

ඒ පළමු එක්දින තරගයේ දී කඩුලු 04ක් දෙවැන්නේ දී කඩුලු 03ක් සහ අවසන් එක්දින තරගයේ දී කඩුලු 02ක් ලෙසින්.

එම කඩුලු 09දී ම වනිඳුගෙන් බංග්ලාදේශය ලබාගෙන තිබුණේ ලකුණු 105ක් පමණයි.

වනිඳු නවතම ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 11ක් ඉදිරියට ඒම ද විශේෂත්වයක්.

එමෙන්ම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණ පසුවන්නේ මහිෂ් තීක්ෂණ යි.

මේ අතර එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ද ස්ථාන කිහිපයකින් ම ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ලොව හොඳම එක්දින පිතිකරුවන්ගේ මුල් දස දෙනා අතරට පැමිණ ඇති අතර (10 වැනියා) අසලංක ස්ථාන 02ක් ඉදිරියට එමින් සයවැනි තැනට පත් ව තිබෙනවා.

එමෙන්ම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව 05 වැනි තැන පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18