spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලීන්ට පිත්ත පළමු ව අතට ගන්න යැයි විලියම්සන්ගෙන් ඇරයුම්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නවසීලන්තය මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

නවසීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමයි.

ඒ අනුව අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ පිතිකරණයේ පළමු වගකීම ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයට හිමිවනු ඇති.

අද තරගය පස්වරු 02ට ආරම්භ වන්නේ ඉන්දියේ චෙන්නායි හි දී.

මේ වනවිට මෙවර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින නවසීලන්ත කණ්ඩායම තරග කරන තුන්වැනි තරගය ද මෙය වනවා.

ඔවුන් මීට පෙර තරග කළ පළමු සහ දෙවැනි තරග දෙකේම ජය හිමිකරගත්තා.

ඒ නෙදර්ලන්තය සහ එංගලන්තය පරාජයට පත් කරමින්.

බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානයට එරෙහි ව පැවති ජය ගත් අතරම, එංගලන්තය හමුවේ පැරදුණා.

කෙසේවෙතත් ආසියාතික රාජ්‍යයක ඇති තණතිල්ලෙහි ස්වභාවය අද දිනයේ දී නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ට මෙන් ම බංග්ලාදේශයේ පිතිකරුවන්ට කෙසේ තීරණාත්මක වේ දැයි දැකබලාගත හැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?