බංගලීන්ට පිත්ත පළමු ව අතට ගන්න යැයි විලියම්සන්ගෙන් ඇරයුම්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නවසීලන්තය මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

නවසීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමයි.

ඒ අනුව අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ පිතිකරණයේ පළමු වගකීම ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයට හිමිවනු ඇති.

අද තරගය පස්වරු 02ට ආරම්භ වන්නේ ඉන්දියේ චෙන්නායි හි දී.

මේ වනවිට මෙවර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින නවසීලන්ත කණ්ඩායම තරග කරන තුන්වැනි තරගය ද මෙය වනවා.

ඔවුන් මීට පෙර තරග කළ පළමු සහ දෙවැනි තරග දෙකේම ජය හිමිකරගත්තා.

ඒ නෙදර්ලන්තය සහ එංගලන්තය පරාජයට පත් කරමින්.

බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානයට එරෙහි ව පැවති ජය ගත් අතරම, එංගලන්තය හමුවේ පැරදුණා.

කෙසේවෙතත් ආසියාතික රාජ්‍යයක ඇති තණතිල්ලෙහි ස්වභාවය අද දිනයේ දී නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ට මෙන් ම බංග්ලාදේශයේ පිතිකරුවන්ට කෙසේ තීරණාත්මක වේ දැයි දැකබලාගත හැකි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32