බංගලියන් පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය පරාජය කරමින් මෙම තරගය ජය ගත්තේ ලකුණු 328කින්.

සිල්හෙට් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශතක රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව බංග්ලාදේශ කණ්ඩයම සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අතර ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වුයේ ලකුණු 188ක් පමණයි.

එහිදී සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම් බංග්ලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 04ක් දවාගත් අතර, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 92ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 418ක්.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ද නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශතක රැස් කිරීමට සමත්වීම ද විශේෂත්වයක්.

එහිදී ධනංජය ලකුණු 108ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, අනුව ඔවුන් දෙදෙනා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට වුණේ වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගලය බවට පත්වෙමින්.

පන්දු යැවීමේ දී මෙහෙදි හසන් මිරාස් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දමූ අතර, මෙම තරගය ජය ගැනීමට බංග්ලාදේශයට සිය දෙවන ඉනිම සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 511ක්.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 182කට සීමා කරන්නට කසුන් රාජිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයේ සිව්වන දිනය වූ අද (25) දිනයේ හැකියාව ලැබුණා.

බංග්ලාදේශ දෙවන ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වුණේ මොමිනුල් හක් වන අතර, ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු පහක් බිඳ දැමූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49