spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු රෝහල්ට

කොට්ටාව නගර මධ්‍යයේදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත්ත ව ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලද බස්රථ රියදුරෙකු සහ කොන්දොස්තර වරුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් ව ඇත

මාර්ග අංක 138 කොට්ටාව පිටකොටුව බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙක් සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් අතින් පයින් හා වීදුරු බෝතල් වලින් මෙලෙස ගුටි බැට හුවමාරු කරගෙන ඇතැයි පොලිසිය කියයි

පිටකොටුව සිට කොට්ටාව බලා බස්රථ දෙක ධාවනය වෙමින් තිබියදී කිරුළපන ප්‍රදේශයේ දී එක් බස් රථයක් අනෙක් බස් රථය අසලම බස්රථ නැවතීමත් සමගම බස් නැවතුමේ සිටි මගීන් එයට ගොඩ වී ඇති අතර අනතුරුව අනෙක් බස් රථයේ කොන්දොස්තරවරයා නුගේගොඩදි මගින් ගොඩ වූ බස් රථයට නැග එහි කොන්දොස්තරවරයා ට පහරදීම මෙම ගැටුමට මූලික හේතු වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව කොට්ටාව නගරයට පැමිණීමෙන් අනතුරුව කොන්දොස්තරවරුන් දෙදෙනාගේ ගැටුමට රියදුරන් දෙදෙනා ද සම්බන්ධ වී සිව් දෙනාම එකිනෙකාට පහරදීගෙන ඇතැයි පොලිසිය කියයි

කොට්ටාව පොලිසිය පරීක්ෂණ පැවැත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?