පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සීමා කරන්න – ඇමති කාංචන

එළඹෙන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම අත්‍යාවශ්‍ය සේවා සඳහා තෝරා ගත් පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර අද දිනය වනවිට ඉන්ධන සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් පවතින බවයි ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙස සහ සාමාන්‍ය ජනතාව විනෝද ගමන් යෑමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ.

පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සීමා කොට හැකි තරම් නිවසේ සිට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා පවත්වාගෙන යන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා ඉල්ලා සිටින බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14