spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධව කංචන ඇමති කළ ඉල්ලීම

මෙරට ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් හැර සෙසු රාජ්‍ය සේවකයින් නිවෙස් ගත මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවන් සිදුකරන පසුබිමක පවතින තුළ පෞද්ගලික අංශය ද ඊට අනුගත වීම යෝග්‍ය බව කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේය.

“රාජ්‍ය සේවයේ ඉන්න සියලුදෙනාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා චක්‍රලේඛවලින්. ඒ වගේම පෞද්ගලික අංශයෙනුත් අපි ඉල්ලීම කරනවා. නිවසේ ඉඳලා සේවය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස නවත්වලා ඒක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන වෙනත් වැඩකටයුතුවල දී ඉන්ධන භාවිත කරලා කරන පුළුවන් තරම් අඩුකරන්න. ඒ වගේම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දෙන්න.”

මේ අතර රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නැවත දැනුම්දෙන තුරු අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?