spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොළොවට බරක් නොවී ජීවිතය ජයගන්න පේරාදෙණිය සරසවි විද්‍යාර්ථීන් දෙපළකගේ අගය කළ යුතු වෑයම (ඡායාරූප)

දෛනික ආර්ථික වියදම්වලින් පීඩාවට පත් ව සිටින විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු එක් ව සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ව අවසන් කරගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමේ අරමුණින් යුතු ව ආපණ ශාලාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම අපූර්ව වැඩසටහන පිළිබඳ ව තොරතුරු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන්.

අඩු ආදායම්ලාභී සිසුන් දෙදෙනකු වන මොවුන් දෙපළ මීට පෙරාතුව අදාළ ආපණශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ගලහ – හිඳගල ප්‍රදේශයේ කුඩා කාමරයක බවත් වාර්තා වනවා.

නමුත් එම කාමරයේ පවත්වාගෙන ගිය ‘කේටරින් සේවයට’ තිත තැබීමට මොවුන්ට සිදු වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් එය කඩා ඉවත් කිරීම හේතුවෙන්.

නමුත් එම සිදුවීමෙන් ද පසුබට නොවූ මෙම සිසුන් දෙදෙනා එක්ව පවත්වාගෙන ගිය ආපණ ශාලාව යළිත් ගොඩනගා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්‍ය ප්‍රභාත් ඒකනායකගේ මැදිහත් වීමෙන් යළිත් හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශාස්ත්‍ර පීඨයේ ම අධ්‍යාපනවේදී දෙපාර්තමේන්තුව ආසන්නයේ කොටසක නව ශාලාවක් ලෙස මෙම ආපණශාලාව ඉදිකර පවත්වාගෙන යාමටයි සිසුන් දෙදෙනාට අවසරය හිමි ව ඇත්තේ.

එය නම්කර ඇත්තේ; ‘Artos-Deli-Unifood’ නමින්.

මෙම ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සහයෝගය ලබාදෙන්නේ; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Alumni Association විසින් බවටයි වාර්තා වන්නේ.

මෙම නව ව්‍යාපාරය මගින් හඳුනාගත් ආර්ථික අපහසුතා ඇති සිසු සිසුවියන් 50 දෙනෙකුට නොමිලේ දිවා ආහාර පාර්සලය බැගින් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.

මෙහි ආදායම්වල කොටස් මීට සහයෝගය ලබාදෙන එම සරසවියෙ ම Alumni Association ට මෙන් ම මෙය පවත්වාගෙන යනු ලබන සිසුන් දෙපළටත් හිමිවනු ඇති.

මීට අමතර ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති ඕනෑම උපාධි අපේක්ෂකයෙකුට මෙහි සේවය කළ හැකි අතර; ඊට දෛනික වැටුප් ගෙවීමක් ද සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයක්.

ඊට අදාළ ව සේවය කරන උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා නොවන පරිදි වැඩ මුරය සකසා තිබෙනවා.

මෙම පුවත සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරුන් ප්‍රශංසනීය ප්‍රතිචාර පළ කර ඇති බවත් වාර්තා වනවා.

මෙහි කෑම වේලක් රුපියල් 250ක් බවත් එය ඉතාමත් ප්‍රණීත මෙන් ම පිරිසිදු ලෙසින් පිළියෙළ කර ඇති බවත් ලැබෙන තොරතුරු මගින් සහ අදහස් මගින් පෙනී යනවා.

මීට අමතර ව මෙම ව්‍යාපාරික ස්ථානයේ පාවිච්චි කළ, තවත් අයෙකුට යළි භාවිත කළ හැකි ඇඳුම් පැළඳුම්, උපකරණ සහ භාණ්ඩ ආදිය ද ගෙන, අවම මිලකට අවශ්‍යතා ඇති සිසුන්ට ලබාදීමේ වෙළෙඳ කුටියක් ද මෙහි ඉදිරියේ දී විවෘත කිරීමටයි සරසවි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ.

රටේ පවතින උහුලාගත නොහැකි ආර්ථික පීඩනය මත අධ්‍යාපනය ලබන්නෙකු මෙවැනි ප්‍රායෝගික විසඳුම් කරා උත්සාහයෙන් යුතු ව යොමුවීමත්, ඒ සඳහා සරසවියක පීඨාධිපතිවරයාගේ සිට සමස්ත අධ්‍යයන – අනධ්‍යයන මණ්ඩලයේ සහයෝගය හිමිවීමත් අගය කළ යුත්තක්.

WhatsApp Image 2023 10 23 at 15.55.42
WhatsApp Image 2023 10 23 at 15.55.43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?