පොළොවට බරක් නොවී ජීවිතය ජයගන්න පේරාදෙණිය සරසවි විද්‍යාර්ථීන් දෙපළකගේ අගය කළ යුතු වෑයම (ඡායාරූප)

දෛනික ආර්ථික වියදම්වලින් පීඩාවට පත් ව සිටින විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු එක් ව සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ව අවසන් කරගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමේ අරමුණින් යුතු ව ආපණ ශාලාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම අපූර්ව වැඩසටහන පිළිබඳ ව තොරතුරු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන්.

අඩු ආදායම්ලාභී සිසුන් දෙදෙනකු වන මොවුන් දෙපළ මීට පෙරාතුව අදාළ ආපණශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ගලහ – හිඳගල ප්‍රදේශයේ කුඩා කාමරයක බවත් වාර්තා වනවා.

නමුත් එම කාමරයේ පවත්වාගෙන ගිය ‘කේටරින් සේවයට’ තිත තැබීමට මොවුන්ට සිදු වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් එය කඩා ඉවත් කිරීම හේතුවෙන්.

නමුත් එම සිදුවීමෙන් ද පසුබට නොවූ මෙම සිසුන් දෙදෙනා එක්ව පවත්වාගෙන ගිය ආපණ ශාලාව යළිත් ගොඩනගා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්‍ය ප්‍රභාත් ඒකනායකගේ මැදිහත් වීමෙන් යළිත් හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශාස්ත්‍ර පීඨයේ ම අධ්‍යාපනවේදී දෙපාර්තමේන්තුව ආසන්නයේ කොටසක නව ශාලාවක් ලෙස මෙම ආපණශාලාව ඉදිකර පවත්වාගෙන යාමටයි සිසුන් දෙදෙනාට අවසරය හිමි ව ඇත්තේ.

එය නම්කර ඇත්තේ; ‘Artos-Deli-Unifood’ නමින්.

මෙම ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සහයෝගය ලබාදෙන්නේ; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Alumni Association විසින් බවටයි වාර්තා වන්නේ.

මෙම නව ව්‍යාපාරය මගින් හඳුනාගත් ආර්ථික අපහසුතා ඇති සිසු සිසුවියන් 50 දෙනෙකුට නොමිලේ දිවා ආහාර පාර්සලය බැගින් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.

මෙහි ආදායම්වල කොටස් මීට සහයෝගය ලබාදෙන එම සරසවියෙ ම Alumni Association ට මෙන් ම මෙය පවත්වාගෙන යනු ලබන සිසුන් දෙපළටත් හිමිවනු ඇති.

මීට අමතර ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති ඕනෑම උපාධි අපේක්ෂකයෙකුට මෙහි සේවය කළ හැකි අතර; ඊට දෛනික වැටුප් ගෙවීමක් ද සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයක්.

ඊට අදාළ ව සේවය කරන උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා නොවන පරිදි වැඩ මුරය සකසා තිබෙනවා.

මෙම පුවත සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරුන් ප්‍රශංසනීය ප්‍රතිචාර පළ කර ඇති බවත් වාර්තා වනවා.

මෙහි කෑම වේලක් රුපියල් 250ක් බවත් එය ඉතාමත් ප්‍රණීත මෙන් ම පිරිසිදු ලෙසින් පිළියෙළ කර ඇති බවත් ලැබෙන තොරතුරු මගින් සහ අදහස් මගින් පෙනී යනවා.

මීට අමතර ව මෙම ව්‍යාපාරික ස්ථානයේ පාවිච්චි කළ, තවත් අයෙකුට යළි භාවිත කළ හැකි ඇඳුම් පැළඳුම්, උපකරණ සහ භාණ්ඩ ආදිය ද ගෙන, අවම මිලකට අවශ්‍යතා ඇති සිසුන්ට ලබාදීමේ වෙළෙඳ කුටියක් ද මෙහි ඉදිරියේ දී විවෘත කිරීමටයි සරසවි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ.

රටේ පවතින උහුලාගත නොහැකි ආර්ථික පීඩනය මත අධ්‍යාපනය ලබන්නෙකු මෙවැනි ප්‍රායෝගික විසඳුම් කරා උත්සාහයෙන් යුතු ව යොමුවීමත්, ඒ සඳහා සරසවියක පීඨාධිපතිවරයාගේ සිට සමස්ත අධ්‍යයන – අනධ්‍යයන මණ්ඩලයේ සහයෝගය හිමිවීමත් අගය කළ යුත්තක්.

WhatsApp Image 2023 10 23 at 15.55.42
WhatsApp Image 2023 10 23 at 15.55.43


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15