පොළොන්නරුවේ ප්‍රබල දේශපාලන පක්ෂ කිහිපයක නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

2025 පළාත් පාලන මැතිවරණය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පළාත් පාලන ආයතනවලට පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මගින් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා සඳහා එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා විසින් අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ බවයි පැවසෙන්නේ.

පොළොන්නරුව මහ නගර සභාව සඳහා සර්වජන බලය මගින් ඉදිපත් කරනු ලැබූ සම්පූර්ණ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ජන අරගල සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයේ එක් අපේක්ෂකයෙකුගේ නම ද ප්‍රතික්ෂේප වුණා.

එමෙන්ම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා සර්වජන බලය පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාවන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ලංකාපුර ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර පොළොන්නරුව ප්‍රාදේශීය සභාව සඳහා සර්වජන බලය විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කෙරුණු බවයි පැවසෙන්නේ.

ඇලහැර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුන විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයේ එක් අපේක්ෂකයෙකුගේ හා එක්සත් ජාතික පක්ෂය විසින් ඇලහැර ප්‍රාදේශීය සභාව සඳහා ඉදිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ නම් එලෙස ප්‍රතික්ෂේප වුණා.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව සඳහා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප වීමත් දිඹුලාගල ප්‍රාදේශීය සභාව සඳහා සර්වජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රය ද මෙහිදී ප්‍රතික්ෂේප වීමත් කැපී පෙනුණා.

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජනතා පක්ෂය විසින් ඉදිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රය ද
පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ඉදිරිපත් කරනු ලැබූ අපේක්ෂකයෙකුගේ නම ප්‍රතික්ෂේප ද කෙරුණා.

පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා විසින් මැතිවරණ නීතිරීතී හා බලතල අනුව අදාළ රාජකාරිය සිදු කළ බවයි වාර්තාකරු පැවසුවේ.

සර්වජන බලය රොෂාන් රණසිංහගේ නායකත්වයෙන් යුත් 5 දෙනෙකුගේ නාමයෝජනා ද ඊයේ (20) දින ප්‍රතික්ෂේප කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46