පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් වෙනුවෙන් චීන සහාය දෙන බවට පොරොන්දුවක්

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළා.

චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබාදෙන බව ද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළා.

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිට ම පවතින බවයි.

දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළා.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55