පොහොට්ටුවේ දෙදෙනෙක් සජබ සමග එක්වෙයි

තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතින් සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පළාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබල වේගයෙන් තරඟ කිරීම සඳහා නාමයෝජනා ද භාරදී තිබෙනවා.

මේ බව දැනුම් දීම සඳහා පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එයට නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයා ද එක්ව සිටියා.

මාධ්‍ය හමුවේදී දිලප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කියාසිටියේ තංගල්ල නගරසභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම මහතා සමගි ජන බලවේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි.

තංගල්ල නගරය රාජපක්ෂවරුන්ගේ නොවන බවත් එය තමන්ට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි ප්‍රකාශ කළා.

සමගි ජනබල වේගයට එක් වු නාගරික මන්ත්‍රීවරයා හා සභාපතිවරයා මෙහිදී පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි.

එම නිසාම වැඩක් කළ හැකි කණ්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුන් සඳහන් කළා.

තංගල්ල නගර සභාවේ මෙම නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03