පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු තනතුරට රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම නව පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස තනතුරක් පවතින නමුත් ජාතික කැඳවුම්කරු ලෙස තනතුරක් පැවතියේ නැහැ.