පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් එන ජනපති අපේක්ෂකයා කවුරුන් දැයි මේ වනවිට දේශපාලන – සමාජ සන්දර්භය තුළ විශාල කතාබහක් මතු කර තිබෙනවා.

එවන් පසුබිමක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාග29ර කාරියවසම් පැවසුවේ අදාළ අපේක්ෂකයා කවුරුන් දැයි එළඹෙන දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බවයි.

අදාළ දේශපාලන මණ්ඩල රැස්වීම ජුලි මස 29 වැනි සඳුදා පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ද මේ වනවිට සිදු කර අවසන්.

මෙම ජනපතිවරණයට සරත් කීර්තිරත්න ද තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

ඔහු ද අද පෙරවරුවේ සිය ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

මීට අමතර ව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්‍ය විජේදාස රාජපක්ෂ යන අය ද මෙවර ජනපතිවරණ සටනට එක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39