spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්ද කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කළුතර සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (17) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සැමදාම සිදුකළේ කයිවාරු ගැසීම පමණක් බවයි.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂය කියනවා රට විනාශ කරපු අයට ආය බලයට එන්න දෙන්නේ නැහැ, එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියා කියනවා ඒ ගැන ඔබතුමා මොනාද කියන්නේ ?

උත්තරය – එක්සත් ජාතික පක්ෂය හැමදාම කයිවාරුව විතරයි නේ..වැඩ නෑනේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?