පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයෙකුට සහාය දුන්නොත් විනය පියවර (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂ සභාපති හිටපු ජනපති මහින්දා රාජපක්ෂ ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකයින් ගත් තීරණයට එරෙහි ව අද (29) දිනයේ දී ඡන්ද 11ක් හිමි ව තිබෙනවා.

අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස පිහිටි විජේරාමේ දී මෙම විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

මෙම විශේෂ සාකච්ඡාවට පොහොට්ටුව නියෝජනය කරමින් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82කු ලැයිස්තුවේ සිටි අතර මෙයින් 79 ක් රැස්වීමට එක් ව සිටි බවත් වාර්තා වනවා.

එහිදී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු පමණි.

පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සඳහා සහාය දෙන අයට විරුද්ධ ව විනය පියවර ගැනීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙක් පමණක් බවත් වාර්තා වනවා.

අදාළ තීරණයට එළැඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව බවයි පැවසෙන්නේ.

ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව ද පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

  1. මෝඩ ධම්මික තමයි බිලි බෝයි. සිතාම්බරපට කතාව මතක් වෙනවා සක්ඛාය දිඨිටිය එක්කම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28