spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවට බලය හිමි කුරුණෑගල මහා නගර සභාවේ අයවැය පරාජයට පත්වෙයි (විඩියෝ)

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්ද 7 කින් පරාජයට පත් වී තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාවේ දී අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදී යි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයක්.

ඒ අනුව ඊට පක්ෂව ජන්ද 7ක් ද විපක්ෂව ජන්ද 14ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් දෙදෙනෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු වන ගාමිණී පෙරමුණගේ සහ රජිත් ජයවර්ධන දෙදෙනා අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කර තිබෙනවා.

අයවැයට පක්ෂව නගරාධිපතිවරයා සමඟ නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වන බන්දු ජයසේකර, සමූද්‍රා බාලසූරිය, දම්මිත් අතුකෝරළ, අරුණි මහේෂිකා යන මන්ත්‍රීවරුන් , විපක්ෂයේ සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආර්. සෙල්වනායකී ජන්දය භාවිත කළා.

විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී අසාරුඩීන් මොයිනුදීන් සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ, වරුණ ප්‍රේමරත්න, සුමේධ අරුණශාන්ත, විශාඛා යටවර, බුද්ධික ඇල්ලේපොළ, ඩිලාන් ලිවේරා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සමන් කුමාර කරුණාසිංහ, බී.ඒ.සුසන්ත, සුගන්ධිකා සහ ජාතික ජනබලවේගය පක්ෂයේ රනුක සනංජය මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කර තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ කුරුණෑගල මහ නගර සභාවේ පාලන කටයුතු වලදී නගරාධිපති තුෂාර සංජීව විතාරණට සහාය දුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්ම ඔහුට එරෙහිව ජන්දය පාවිච්චි කිරීමද විශේෂ කරුණක්.

https://youtu.be/dSFo2Q57plM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?