පොහොට්ටුවට බලය හිමි කුරුණෑගල මහා නගර සභාවේ අයවැය පරාජයට පත්වෙයි (විඩියෝ)

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්ද 7 කින් පරාජයට පත් වී තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාවේ දී අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදී යි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයක්.

ඒ අනුව ඊට පක්ෂව ජන්ද 7ක් ද විපක්ෂව ජන්ද 14ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් දෙදෙනෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු වන ගාමිණී පෙරමුණගේ සහ රජිත් ජයවර්ධන දෙදෙනා අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කර තිබෙනවා.

අයවැයට පක්ෂව නගරාධිපතිවරයා සමඟ නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වන බන්දු ජයසේකර, සමූද්‍රා බාලසූරිය, දම්මිත් අතුකෝරළ, අරුණි මහේෂිකා යන මන්ත්‍රීවරුන් , විපක්ෂයේ සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආර්. සෙල්වනායකී ජන්දය භාවිත කළා.

විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී අසාරුඩීන් මොයිනුදීන් සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ, වරුණ ප්‍රේමරත්න, සුමේධ අරුණශාන්ත, විශාඛා යටවර, බුද්ධික ඇල්ලේපොළ, ඩිලාන් ලිවේරා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සමන් කුමාර කරුණාසිංහ, බී.ඒ.සුසන්ත, සුගන්ධිකා සහ ජාතික ජනබලවේගය පක්ෂයේ රනුක සනංජය මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කර තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ කුරුණෑගල මහ නගර සභාවේ පාලන කටයුතු වලදී නගරාධිපති තුෂාර සංජීව විතාරණට සහාය දුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්ම ඔහුට එරෙහිව ජන්දය පාවිච්චි කිරීමද විශේෂ කරුණක්.

https://youtu.be/dSFo2Q57plM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21