පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සංජීව ධර්මරත්න

පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටත් එම කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.