පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාර්ග බාධකයක දී දෙදෙනෙක් ගමන්ගත් යතුරුපදියක් නවතා මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ දී ඇති වූ ගැටුමක දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.