පොලිසිය තුළ පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේ පිහි ඇනුමක්

බකමූණ දමන යාය ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේ පොලිසිය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

අතුරුදන් වී ඇත්තේ 33 හැවිරිදි තිදරු මවක් වන අතර එම සිද්ධියට අදාළ සැකකරුවෙකුට පිහි ඇනුම සිදුකර ඇත්තේ අතුරුදන්ව සිටින කාන්තාවගේ සැමියා විසින් බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

දමන යාය ප්‍රදේශයේ පදිංචි කාන්තාව පොළොන්නරුව නව නගරයේ පදිංචි පුද්ගලයකුට නිවසේ ඔබ්බුප උගසට තබා මුදල් පොලියට දෙන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන තිබුණා.

ඇයගේ සැමියා බගවන්තලාව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඊයේ රාත්‍රි මෙම කාන්තාව සැමියාට දුරකථනයෙන් දැනුම්දී ඇත්තේ නිවස අසල වාහනයක් නතර කර ඇති බවයි.

ඒ පිළිබඳ තමාට බියක් පවතින බව එම කාන්තාව සැමියාට ප්‍රකාශකර තිබෙනවා.

මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිටි සැමියා අද උදෑසන දමනයාය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු දැක ඇත්තේ නිවසේ පිටුපස දොර විවෘත කර ඇති ආකාරයයි. නිවස තුළට ගොස් සොයා බැලීමේදී බිරිඳ නිවසේ සිට නොමැති අතර දරුවන් තිදෙනා පමණක් සිට තිබෙනවා.

දරුවන්ගෙන් මව පිළිබඳ කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ තමන් නිදා සිටි බවයි.

පසුව සැමියා නිවස ඉදිරිපිට නවතා තිබූ බවට පැවසුනු රථය සම්බන්ධයෙන් ගැන සැක සිතා අසල්වැසියන්ගෙන් විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයා පැමිණ සිටි බවයි.

පසුව සැමියා බකමූණ පොලිසිය වෙත ගොස් ඇති අතර පැමිණිල්ල ළමා හා කාන්තා පොලිස් ඒකකයේ සටහන් කරන අතර සැමියාට සැක බව කියන මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයා ද වග උත්තරකරුවෙකු ලෙස පොලිස් ස්ථානය වෙත ගෙන්වා තිබෙනවා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ අතුරුදහන්ව සිටින කාන්තාවගේ සැමියා සහ වගඋත්තරකරු වන ව්‍යාපාරිකයා සමඟ බහින්බස් වීමක් හටගෙන ඇති අතර පසුව පැමිණිලිකාර සැමියා අනෙක් පුද්ගලයාට පිහි ඇනුමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම ව්‍යාපාරිකාගේ උරහිසට තුවාල සිදුව ඇති අතර එය වැළැක්වීමට ගිය බකමූණ පොලිසියේ ලමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකගේ දෙඅත් වලට ද සුලු තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අතුරුදහන් වූ කාන්තාව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

අතුරුදන් වූ බව කියන කාන්තාව ඇයගේ කුඩා බිළිඳා ද රැගෙන ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41