‘පොලිසියට හයේෂිකා පමණක් නොව, පොලිස්පති ද සොයා ගැනීමට නොහැකි වූවා නොවේද?” – උසාවිය පොලිසියෙන් අසයි

‘‘පොලිසියට හයේෂිකා පමණක් නොව පොලිස්පතිවරයාව ද සොයා ගැනීමට නොහැකි වූවා නොවේද’‘ යැයි මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය කටාන පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේ දී විමසා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; අද (14) ‘ටීවර් අම්මා’ හෙවත් ⁣හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවීමෙන් අනතුරුව නඩුවේ කරුණු සලකා බැලීම් අතරතුරේදී මේ බව විමසූ බවයි.

පොලිස් විමර්ශන සඳහා ඇයව අවශ්‍ය කර තිබූ පසුබිමක ඇය පොලිසිය මඟහැර සැඟව සිටින බැවින් පසුගිය දා පොලිස් කණ්ඩායම් තුනක් ඇයව සෙවීමට යොදවා තිබුණා.

එවැනි පසුබිමකදී ඇය අද මීගමුව අධිකරණයේ අධිකරණ ශාලා ⁣අංක 02 වෙත පැමිණ අසුන්ගෙන සිට නඩුව ආරම්භ වී විනාඩි විස්සකට පමණ පසුව නීතිඥවරුන් මගින් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙනී සිටියා.

එහිදී පොලිසිය සඳහන් කළේ ඇයව සෙවීමට පොලිසිය යොදවා තිබුණ ද, මේ වන තුරු සොයා ගැනීමට නොහැකි වූ බව යි.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ, ඇය පමණක් නොව පොලිසියට පොලිස්පතිවරයා ද සොයා ගැනීමට නොහැකි වුවා නොවේ ද කියාය.

මහෙස්ත්‍රාත්වරියගේ එකී වදන් හමුවේ පොලිසිය නිරුත්තර වූ බව ද අධිකරණ වාර්තාකාරිණිය ප්‍රකාශ කළා.

ඇප නියම වීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරන තෙක් හයේෂිකා ප්‍රනාන්දු අධිකරණ ශාලාවේ රිමාන්ඩ් කූඩුව අසල බංකුවේ අසුන්ගන්වා තිබු අතර ඇප ⁣බැඳුම්කරයට අත්සන් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් රෙජිස්ට්‍රාර් කාමරය වෙත ඇයව රැගෙන ආවා.

ඇය වෙනුවෙන් සහාය දීමට හාමුදුරු නමක් ඇතුළු විශාල පිරිසක් අධිකරණයට පැමිණ තිබූ අතර මාධ්‍යවේදීන්ගෙන් වසන් වී ඇය අධිකරණ භුමිය තුළට පැමිණි රථයකින් පිටව ගිය බව ද අධිකරණ වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51