පොලිසියට වෙට්ටු දමා මට්ටු වූ වෑන් රියදුරා අපරාධ කිහිපයකටම අවශ්‍යව සිටි අයෙක් (වීඩියෝ)

රත්මලාන ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමක් සිදුකර තිබුණා.

එහිදී වෑන් රථය ධාවනය කළ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියට අවශ්‍යව කර සිටින අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් ද යන්න පිළිබඳව ගල්කිස්ස පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසුවේ.

අදාළ වෑන් රථය ඊයේ පස්වරුවේ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ මොරටුව, කටුබැද්ද හරහා ධාවනය වෙමින් තිබිය දී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් එය නවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

එහිදී වෑන් රථය එම අණ නොතකා ඉදිරියට ධාවනයකර ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.

එහිදී රත්මලාන, බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේ දී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කිරීමට එහි රියදුරු කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා ඇති අතර,එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු පළායාමට උත්සාහ කරන අවස්ථාවේ දී බිම ඇද වැටීමෙන් මුහුණට තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

සිදුකරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, වෑන් රථයේ හිමිකාරිත්වය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් සතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40