spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට අල්ලස් දෙන්න හැදූ නීතිඥවරිය ගැන විමර්ශනයක්‌

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බව කියන නීතිඥවරියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක වන මෙම කාන්තාවක අල්ලස් දීමට උත්සාහ කර ඇති බවයි.

ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරිය විසින් විරෝධය පළ කර ඇතැයි ද සඳහන්.

අදාළ නීතීඥවරිය එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ නිවස පරික්ෂා නොකරන ලෙසටයි.

එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සිදු වූ දුරකතන සංවාදය ද මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඊට අදාළ විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් අදාළ නීතිඥවරිය පෙනී සිට ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?