පොලිසියට අල්ලස් දෙන්න හැදූ නීතිඥවරිය ගැන විමර්ශනයක්‌

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බව කියන නීතිඥවරියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක වන මෙම කාන්තාවක අල්ලස් දීමට උත්සාහ කර ඇති බවයි.

ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරිය විසින් විරෝධය පළ කර ඇතැයි ද සඳහන්.

අදාළ නීතීඥවරිය එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ නිවස පරික්ෂා නොකරන ලෙසටයි.

එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සිදු වූ දුරකතන සංවාදය ද මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඊට අදාළ විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් අදාළ නීතිඥවරිය පෙනී සිට ඇති බවයි හෙළිවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00