පොලිස් රෝහල් නේවාසිකාගාර භූමියෙන් හමු වූ පතොරම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකාගාරය අසල භූමියේ තිබී ජීව පතොරම් කිහිපයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (24) නාරාහේන්පිට පොලීසියට නියෝග කළා.

නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ‘බී’ වාර්තාවක් ගොනුකරමින් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

පොලිස් රෝහල් භූමියේ නේවාසිකාගාරය අසල පස් ගොඩක් යට තිබී සොයාගෙන ඇති මෙම පතරොම් කලකට පෙර වළ දමා තිබූ ඒවා බවට හෙළි ව ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

නාරාහේන්පිට පොලිස් රෝහලේ ස්ථානාධිපතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව එම නේවාසිකාගාරය අසල තිබී ජීව පතුරොම් 8ක් සොයාගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42