spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් රෝහල් නේවාසිකාගාර භූමියෙන් හමු වූ පතොරම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකාගාරය අසල භූමියේ තිබී ජීව පතොරම් කිහිපයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (24) නාරාහේන්පිට පොලීසියට නියෝග කළා.

නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ‘බී’ වාර්තාවක් ගොනුකරමින් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

පොලිස් රෝහල් භූමියේ නේවාසිකාගාරය අසල පස් ගොඩක් යට තිබී සොයාගෙන ඇති මෙම පතරොම් කලකට පෙර වළ දමා තිබූ ඒවා බවට හෙළි ව ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

නාරාහේන්පිට පොලිස් රෝහලේ ස්ථානාධිපතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව එම නේවාසිකාගාරය අසල තිබී ජීව පතුරොම් 8ක් සොයාගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?