පොලිස් රාජකාරියට උදැල්ල දැමූ කතකට වැඩ වරදියි

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරය පෑ සැකකාරියක් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (30) නියම කළා.

ඒ, සැකකාර කාන්තාව අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්ස ගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

කටුනායක, වල්පොල වසමේ සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් විසින් සැකකාරියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පොලිස් නිලධාරීන් සැකකාරියගේ නිවස අසලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ සැකකාරිය මහජනතාව ඉදිරියේ පොලිසිය විවේචනය කරමින් එම පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (30) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියට තරයේ අවවාද කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21