spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් රාජකාරියට උදැල්ල දැමූ කතකට වැඩ වරදියි

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරය පෑ සැකකාරියක් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (30) නියම කළා.

ඒ, සැකකාර කාන්තාව අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්ස ගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

කටුනායක, වල්පොල වසමේ සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් විසින් සැකකාරියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පොලිස් නිලධාරීන් සැකකාරියගේ නිවස අසලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ සැකකාරිය මහජනතාව ඉදිරියේ පොලිසිය විවේචනය කරමින් එම පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (30) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියට තරයේ අවවාද කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?