පොලිස් නිලධාරියෙකු මහමගදී රියදුරෙක්ට පහර දී පොලොවේ ගසා ඇග උඩටත් පනී..

ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ලොරි රථ රියැදුරා විසින් මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති බවද වාර්තා වේ.

අනතුරට ලක්වූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මෙම පහරදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර ඇත.

  1. මහා පාරෙ ජනතාව ඉදිරියෙ මේ පොලිස් බල්ලො මෙහෙමනම්.පොලිසිය ඇතුලෙ වැරදි කරුවන්ට මොන විදියට සලකනවද කියලා හිතාගන්න පුලුවන්.ජනතා බදු මුදලින් ජීවත්වන පොලිස් බල්ලො මේ විදියට ජනතාවට පහර දීම තරයෙ හෙලාදකිමි.පොලිසියට කොහෙත්ම බලයක් දීලා නැහැ මේ වගෙ තිරිසන් විදියට පහර දෙන්න.මේ පොලිස් සුනඛයගෙ වැඩ තහනම් කරපු එක අනිත් පොලිස් බල්ලන්ටත් හොඳ පාඩමක්