spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී රෝහලට

පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් මාවෙල , රජඇල ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අදාළ නිලධාරින්ට මෙලෙස වෙඩි වැදී ඇත්තේ එම සූදු පිටියේ සිටි පුද්ගලයන් සිදුකළ පොර බැඳීමකදී ස්වංක්‍රීය පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන්.

ඔවුන් දෙදෙනාව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි පහර සමග එක් අයගේ හිස තුවාල වී ඇති අතර අනෙක් නිලධාරියා පොර බැඳීම හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පුද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් පෙරේදා (05) දිනයේ රාත්‍රියේදී පුස්සල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම සුදුපිටියේ තොරතුරු ලැබී තිබුණා.

මෙම සූදු පිටිය නිවසක කාමරයක පවත්වාගෙන ගොස් ඇති අතර එහි පුද්ගලයන් පහළොවක් – විස්සක් පමණ රැදීසිට තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?