පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර,  තිහගොඩ, බණ්ඩත්තර ප්‍රදේශයේදී පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජීප් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 75ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.