පොලිස්පති දේශබන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේ දී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පුද්ගලයකු කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා සහ ඊට අදාළ අන්තර්ගත කරුණු පිළිබදව ප්‍රකාශය ලබාගැනීමට නියමිත පුද්ගලයාට දැනුම් දිය යුතු බව දැක්වෙන චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

ඒ, අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුදාහරින ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56