spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති දේශබන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේ දී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පුද්ගලයකු කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා සහ ඊට අදාළ අන්තර්ගත කරුණු පිළිබදව ප්‍රකාශය ලබාගැනීමට නියමිත පුද්ගලයාට දැනුම් දිය යුතු බව දැක්වෙන චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

ඒ, අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුදාහරින ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?