පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන් හා ”ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්” ඕනෑ ම අවස්ථාවකදී සම්බන්ධ කර ගත හැකි වන පරිදි ඔවුන්ගේ සියලු ම නිල ජංගම දුරකතනය පැය 24 පුරා ම සක්‍රියව තබාගත යුතු බවට පොලිස්පතිවරයා දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා මෙසේ නියෝග නිකුත් කර ඇත්තේ ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සිය රාජකාරි දුරකතන ක්‍රියාවිරහිත කර හෝ ශබ්දය නොඇසෙන ලෙස තැබීම හේතුවෙන් එම දුරකතනවලට ගන්නා ඇමතුම් මගහැරී යන බව නිරීක්‍ෂණය වී ඇති හෙයින් බව ද කියයි.

රට තුළ මහජන සාමය පවත්වාගෙන යාම යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙම වකවානුවේදී සිය නිල ජංගම දුරකතනය පැය 24 පුරා සෑම අවස්ථාවකදී ම සක්‍රිය කරගෙන සිටිය යුතු බව පොලිස්පතිවරයා දන්වා තිබේ.

එමෙන් ම පැය 24 පුරා ඕනෑ ම අවස්ථාවකදී ලැබෙන දුරකතන ඇමැතුම්වලට අදාළ නිලධාරීන් පිළිතුරු සැපයිය යුතු බවද පොලිස්පතිවරයා සියලු ම ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට දැනුම් දී තිබේ.

සියලු ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ භාර නිලධාරීන් වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් නිල දුරකතන සිම්පත් නිකුත් කර ඇත.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18