පොල් හොරකමට ඇවිත් වතු නිළධාරියාට පහර දීලා

හලාවත වැවිලි සමාගමට අයත් රස්නායකපුර මාවතගම වතුයායේ ස්ථාන භාර නිළධාරිවරයාට සොරකමේ ආ පුද්ගලයෙකු විසින් තියුණූ ආයූධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

දේ අතේම කැපුම් තුවාල ලැබූ වතු නිළධාරියා මේ වනවිට නිකවැරටිය මූලික රොහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ(14)දහවල් මාවතගම වතුයායට පැමිණි පුද්ගලයෙකු පොල් තොගයක් ගෝනියක දමා ගෙන යමින් සිටියදී වතු නිළධාරියා ඔහු හඹා ගොස් අල්ලා ගැනීමට උත්සහ දරා තිබුණා.

එහිදී එම පුද්ගලයා වතු නිළධාරියාගේ දැතට පිහියකින් පහර දී පොල් ගෝනියද රැගෙන පලාගොස් තිබුණා.

වතු නිළධාරියාගෙ කෑගැසිමත් සමග එම ස්ථානයට පැමිණි වතු යායේ අනෙක් සේවකයිකයින් ඔහු කඩිනමින් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කර ඇති බව සදහන්.

සැකකරු රස්නායකපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර මොහු දරුණු ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?