පොල්තෙල් ගන්න කඩේ ගිය තරුණයා ලිස්සා වැටී මියයයි

නිවසට අවශ්‍ය පොල් තෙල් මිලදී ගැනීමට වෙළඳසැලටගිය තරුණයෙකු නිවස අසල පඩිපෙලින් ලිස්සා වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ නාවලපිටිය ගොරකඔය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

ඔහු අද උදෑසන 11ට පමණ නිවසට අවශ්‍ය පොල් තෙල් රැගෙන ඒම සඳහා අසල පිහිටි වෙළඳසැල වෙත ගොස් තිබූ බව සඳහන්.

එහිදී පඩිපෙලින් ලිස්සා වැටි ඇති ඔහු පොල්තෙල් ගෙන එමට රැගෙන ගිය හිස් බෝතලය බිඳී ගෙළ ප්‍රදේශයට බරපතල කැපුම් තුවාල සිදුවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මියගිය තරුණයාගේ සිරුර නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15