විදුලි බල පද්ධතියේ ඇතිවන සුළු වෙනසක දී පවා පද්ධතියම අස්ථාවරවීමේ හැකියාවක් පවතින බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පවසනවා.
පෙරේදා (06) පැවති දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී නිලධාරීන් මේ බව සඳහන් කළා.
මේ හේතුවෙන් සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට මේ දිනවල උත්සාහ කරන බව ඔවුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම වීදි ලාම්පු ප්‍රමාණවත් ආකාරයෙන් නඩත්තු නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති අතර, වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීම අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කළා.
විශේෂයෙන්ම මෙය ජාතික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව සාකච්ඡා කිරීම සුදුසු බව කාරක සභාව පෙන්වා දුන්නා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත ප්‍රතිපත්තිය සකස්කොට අවසන් කරන බව අමාත්‍යවරයා පැවසුවා.