පොඩ්ඩක් මිස් උනොත් පද්ධතියම අස්ථාවරයි – ලංවිම නිලධාරීන්

විදුලි බල පද්ධතියේ ඇතිවන සුළු වෙනසක දී පවා පද්ධතියම අස්ථාවරවීමේ හැකියාවක් පවතින බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පවසනවා.

පෙරේදා (06) පැවති දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී නිලධාරීන් මේ බව සඳහන් කළා.

මේ හේතුවෙන් සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට මේ දිනවල උත්සාහ කරන බව ඔවුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම වීදි ලාම්පු ප්‍රමාණවත් ආකාරයෙන් නඩත්තු නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති අතර, වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීම අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කළා.

විශේෂයෙන්ම මෙය ජාතික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව සාකච්ඡා කිරීම සුදුසු බව කාරක සභාව පෙන්වා දුන්නා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත ප්‍රතිපත්තිය සකස්කොට අවසන් කරන බව අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?