ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්වරයෙකු ඊයේ (22) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති මහාචාර්වරයා (22) අලුයම 1.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පොලීසිය පවසන අතර මෙම මහාචාර්යවරයා මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවද සඳහන් .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
1
+1




