ඉහළ යන විරෝධතා මැද ඉරානයේ උත්තරීතර නායකයා දැඩි තීරණයක

ඉරාන ඉස්ලාමීය ජනරජය බලයට පත් වූයේ ලක්ෂ ගණනක ගෞරවනීය ජනතාවගේ රුධිරයෙන් බවත් එය ප්‍රතික්ෂේප කරන අය ඉදිරියේ පසුබට නොවන බවට සැමට දන්වා සිටින බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.

ඊයේ (09) පැවති රූපවාහිනී දේශනයකදී කමේනි මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඇමරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට උත්සාහ කරන රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් “කරදරකරුවන්” බවයි.

මේ අතර ඉරානයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යොමුකරමින්, තර්ජන, උසිගැන්වීම් සහ අස්ථාවරත්වය මෙන්ම ප්‍රචණ්ඩත්වය හිතාමතාම දිරිගැන්වීම මඟින් ඇමරිකාව ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවට චෝදනා කර සිටියා.

ඒකාබද්ධ ප්‍රකාශයකින් එක්සත් රාජධානිය, ජර්මනියේ සහ ප්‍රංශයේ නායකයින් පැවසුවේ ඉරාන ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලද ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා පිළිබඳව ඔවුන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි.

දෙසැම්බර් 28 වන දින ඉරානයේ විරෝධතා ආරම්භ වූ දා සිට විරෝධතාකරුවන් 48 දෙනෙකු මියගොස් ඇති අතර, පුද්ගලයින් 2,277 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ.

මේ අතර ඉරානයේ ඉහළම ආරක්ෂක ආයතනය වන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පැවසුවේ විරෝධතාකරුවන්ට එරෙහිව “තීරණාත්මක සහ අවශ්‍ය නීතිමය පියවර ගන්නා” බවයි.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ඉරානයේ අවසන් ෂා රජුගේ පුත් රේසා පහ්ලවි, සිකුරාදා ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ඉරානයේ ජනතාවට උපකාර කිරීම සඳහා මැදිහත් වීමට සූදානම්ව සිටින ලෙසයි.

එමෙන්ම වොෂින්ටන් ඩීසී අසල ජීවත් වන පහ්ලවි, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වීදි බැසීමට විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

  1. මේ ලස්සන රට, ලස්සන මිනිස්සු ඉන්නෙ, මේ ආගමක තියෙන මිලේච්ඡ කොටස් ඇදල අරගෙන විනාශ කරන්න හදන පිස්සො මුං. මේ ආගම අදහන ගොඩක් මිනිස්සු ඉන්නව බොහොම සුහදශීලී, ඉතාමත් හොද.

    මේ මිලේච්ඡ එවුන් ටික ලෝකෙන් නැති කරල දැම්ම නම් හරි.

    • මේ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් හිටියා. දැන් ඇමරිකන් සී.අයි.ඒ. එකයි, ඊශ්‍රායල් මොසාඩ් එකයි තමා ඉරාන ජාතික තරුණයන් උසි ගන්වමින් මේ අරගලය මෙහෙයවන්නේ. මේක හරි ගියොත් මේ ඊළඟ ලිබියාව වෙනවාමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14