පෙර පාසල් දරුවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ ගුරුවරියන් රිමාන්ඩ්

කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ පංචායුධ සහ කරාබු ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් එම පෙරපාසලේ ගුරුවරියන් දෙදෙනෙකු ලබන අප්‍රේල් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර ගුරුවරියන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවාලේගම පොලිසිය විසින්.

ඔවුන් දෙදෙනා අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව නියෝග කෙරුණේ ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම ගුරුවරියන් දෙදෙනා සේවය කළ පෙර පාසලේ කුඩා ළමුන් 30 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බව සඳහන්.

මාසයක පමණ කාලයක සිට මෙම පෙර පාසලේ දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ නැතිවන බවට දෙමව්පියන්ට තොරතුරු ලැබී තිබෙනවා.

දැරියන් දෙදෙනෙකුගේ කන්වල තිබූ එක් කරාබුව බැගින් ද නැතිවීම හේතුවෙනුයි දෙමව්පියන් මේ සම්බන්ධයෙන් සොයා බලා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත පෙර පාසලේ ප්‍රධානාචාර්යවරිය මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිසිය කුඩා දරුවන්ගෙන් කළ විමසීමේදී ප්‍රකාශකර ඇත්තේ තම පෙරපාසලේ ගුරුවරිය කතුරකින් ගෙල බැඳි පංචායුධ කපාගත් බවයි.

ඒ අනුව කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් සැකකාරියන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇති අතර සොරකම් කළ පංචායුධ හා කරාබු ස්වර්ණාභරණ අලෙවිසැල් වෙත අලෙවිකර තිබියදී සොයා ගැණුනා.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුද සහ කරාබු අවස්ථා කිහිපයකදී ගලවාගෙන ඇති බව ද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58