පෙර පවක් පලදෙමින් ජීවත්වන මිනිසුන්

කන්න බොන්න, වැසිකිළි යන්න, සුවසේ නිදා ගන්න, යන්න එන්න පාරක්, එලියෙ ඉන්න විදුලියක්, නිසි අධ්‍යාපනයක්, නිසි සෞඛ්‍ය පහසුකමක්, අඩුම තරමේ නිසි කලට වේලාවට ආවා විවාහ වීමක් ,හෝ නොමැතිව අන්ත අසරණව දුක් විදින පවුල් විසි පහක් පමණ දිවි ගෙවන ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.
තිරප්පනේ පොලිස් ස්ථානයට යාබදව පිහිටි මාර්ගයකින් කිලෝමීටර් දහයක් පමණ ගම්න් කිරීමෙන් පසුව ඉගිනියාගම නමින් හදුන්වන මෙම ගම පිහිටා තිබේ .

මෙම ගම්මානයට කිලෝ මීටර් තුනක් හතරක් පමණ ගමන් කිරීම අති දුෂ්කර ය. වැව් බැම්මක් මතින් ගමන් කරමින් එහි වාන හරහා ගම්මානයට යා යුතුව තිබේ.
හවස හය පමණ පසුවන විට ගම්මානයේ ජනතාව නිවෙස්වලින් එළියට බැසීමකින් තොරව සිටින්නේ වන අලින් එකසිය 150ක පමණ රංචුවක් මෙම ගම්මානය අත්පත් කර කරගන්නා නිසාවෙනි.
කිසිදු බව බෝගයක් වවාගෙන ආහාරයට ගැනීමට වත් මෙම මිනිස්සුට අහිමි කොට ඇත්තේ වන අලින් විසින්ය . එමෙන්ම තවමත් ළමා වයස්වල පසුවන දියණියෝ ගබිනියෝය .

මිනිසකු හට ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් අතර වැසිකිළි කැසිකිළි පහසුකම්, ආහාරපාන, නිවාස ,ඇඳුම් පැළඳුම් ,විදුලිය, පහසුකම් සෞඛ්‍යය පහසුකම් , වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීම, නිසි අධ්‍යාපනයක් දරුවන්ටට ලබාදීම ,පිරිසිදු වතුර ,රැකියාවක් ,ආදී සියල්ල මෙම පවුල් විසි දෙකක් පමණ සිටින ගම්මානයේ ජනතාවට තවමත් සිහිනයක්ව පවතී.
මේ ගම්මානයේ පවුල් හතරක් හැර අනෙක් සියලු දෙනාම වැසිකිලි යන්නේෙ කැලයට වීම පුදුමය දනවන කරුණුකි , වසර ගනාවකට ඉහතදී වැලිඔය ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ අසරණ වූ මිනිසුන් කණ්ඩායමක් සහ තවත් කණ්ඩායම් කිහිපයක් මෙහි වාසය කරති.

ගම්මානයේ බොහෝ දෙනා ගේ ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කැලෑවේ ඇති වැව් වලට ගොස් එහි සිටින මසුන් මරා අල්ලාගෙන කොහේ හෝ ගොස් මාළු වැලක් අලෙවි කිරීම් පමණක් බව ඔවුන් අප සමග පැවසූහ.
මෙම ගම්මානය ආරම්භක සාමාජිකයෝ ඉඟිනි ගහක් ළඟ පැල්ක් අටවාගෙන පැමිණීම් නිසා ඉඟිනි ගම යන නම් ගමට තබා තිබේ . එමෙන්ම කුඩා දරු දැරියන් පෙන්වමින් ගම්මුන් කියා සිටින්නේ මෙම දරුවන් ද කැලේ උපත ලැබූ බවය.
මෙම ගම්මානයේ සවස 6 න් පසුව වන අලින් රැඳී සිටීම නිසා ඔවුන්ට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති අතර ජල ප්‍රශ්නය ද උග්‍ර ව පවතී ,ඇතැම් නිවැසියන් වකුගඩු රෝගීන්ය , උදර සැත්කම් වලින් ඉවත් කළ ගල් කැබලි ඔවුන් මතක සටහන් හැටියට ආරක්ෂා කරගෙන තිබීම විශේෂත්වයකි

කුඩා වැව් වලින් අල්ලා ගන්නා අංගුට්ටා ,,කාවයියා ,තෙප්පිලි හා වෙල් මාළු දුමේ දමා වියළා ආහාරයට ගන්නා බවත් ඔවුන් අප සමග පැවසූහ.
අඩු වයසින් විවාහ වීම මෙම ගම්මානයේ තවත් අප දුටු ඛේදජනක සිද්ධියකි .ඔවුන් ඇතැම් අය ගැබිණියනය , තවත් පිරිසක් දරුවන් ලද අම්මාවරුන්ය , එම අම්මා වරුන්ගේ අත කන කර පාළුය, අප එක අම්මා කෙනෙක්ගෙන් විමසීමේ දී කියා සිටියේ තම දරුවාට අසනීප වී කනේ තිබුණු තෝඩු දෙක උගසට තබා දරුවාට ප්‍රතිකාර කළ බවය
මාස එකකට තෝඩු දෙකට පොලිය ලෙස රුපියල් 350 කි, මසකට රුපියල් 350 ක් මුදලක් උපයා ගැනීමටට නොහැකි නිසා එම තෝඩු දෙක තවත් මාස දෙකකින් සින්න වීමට යන බව ඇය පැවසුවාය.

ඉගිනියාගම ගමේ මිනිසුන්ගේ බලාපොරොත්තු මහා ඉහළින් නැත්ත් ඔවුන්ගේ ඉල්ලීම් බවට පත්ව ඇත්තේ විදුලිය සහ ගොවිතැන්ක් බතක් කර ගැනීම සඳහා ශක්තිමත් විදුලි වැටක් පමණි ,අන් සියලු දේවල් තමන්ට ගොවිතැන් කොට උපයා ගැනීමට හැකි බව ඔවුන් පවසයි.
අහස් දියෙන් වගා කරන නවදැලි හේන් කොටා ජීවත්වෙන මෙම අපූරු ගම ආදර්ශ කාබනික ගම්මානයක් බවට පත් කිරීම ඉතා පහසුය .මන්ද රසායනික පොහොර වලින් මෙම පස නිසරු වී නොමැත, අක්කර ගණනාවක් මහා සරු පසක් පිහිටි මෙම ගම්මානයේ ජනතාව වන අලි නිසා එහි ගොවිතැන් අතහැර දමා හමාරය.
මුළුරටම ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක කිසිිසිදු දවසක රූපවාහිනී යන්ත්‍රයක් ,ගුවන්විදුලි යන්තරයක්, පුවත්පතක්, නොබලන නොකියවන ඇසීම කින් තොරව සිටින මෙම මිනිසුන් වෙනත් ලෝකයක සිටින්නා වුන් වැන්නය .

රාජ්‍ය නිලධාරියෙකු මෙම ගම්මානයට පැමිණෙන්නේ ඉතා කලා කලාතුරකින් බව පවසති . අයකු මිය ගියහොත් එම මලළ සිරුර ද කිලෝ මීටර් හතරක් කර තබාගෙන කනත්තක ට ගමන් කිරීම සිදු කළ යුතු ව තිබේ.
හදිසියේ රෝගාතුර වන රෝගියෙකු රෝහල්ට ගෙනයෑමට එමෙන්ම දුෂ්කරතාවයකි , එවැනිම දුෂ්කරතාවයකට මුහුණ දෙන මෙම පිරිස බොහෝ දෙනෙක් අසනීප වී යද්දී අතරමග හුස්මප පොද අවසන් කරන බවත් පවසන එම අය ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන ප්‍රතිකාර සඳහා රෝහලකට යන්නේ නම් රුපියල් දෙදහක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව ද පෙන්වා දෙති.
ඇතැම් නිවෙස්වලට ගොස් ඒ අයගේ මුළුතැන්ගෙයි පරික්ෂා කිරීමේදී කුප්පි ලාම්පුවේ එළියෙන් පිස ගන්නා ආහාරය සුදු පැහැති මන්දැයි අප විමසීමක් කළෙමු ,ඊට පිළිතුරු දුන් අම්මා කෙනෙකු කියා සිටියේ මිරිස් කරලක් කහ ඩිංගිත්තක් වත් තම මුළුතැන්ගෙයි නොමැති නිසා වතුරෙන් ලුනු දමා තම්බා ගෙන යමක් ආහාරයට ගන්නා බවය.

මෙවැනි සංවේදී සිද්ධීන් ඕනෑ තරම් මෙම ගම්මානයට ගිය අපට දැක ගැනීමටට හැකි වූ අතර ඇතැම් නිවෙස් වල සියලු ආරක්ෂකයා බවට පත්ව ඇත්තේ රෙදි කැබැල්ලක ගැට ගැසූ කාසියක් උළුවස්සේ ගැට ගසා තිබීමය
අප ගිය අවස්ථාවේ එකවැර වර්ෂාවක් පතිත වන්නට විය, නිවෙස්වල සිටින අය වහා එළියෙ දමා තිබු රෙදි ගෙට ගෙන ගේ ඇතුලේ ඇති භාජන ගේ තෙමෙන තැන තැන තබන දසුන් ද අප දුටුවෙමු.
තමන් විසින් හදා හදාගත් ඉතා වැඩි අස්වැන්නක් ලැබෙන අඹ ගස් සියල්ලම අතුවලින් ම කපා ඉවත් කිරීමට ගම්මුන්ට සිදුව ඇත්තේ රාත්‍රී වන අලින්ගෙන් ජිවිත බේරීමටය .

සටහන – දඹුල්ල කාංචන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44