පෙරපාසල් ගුරුවරිය කෙලෙසූ බව කියන 60 හැවිරිදි සැකකරුට දැඩි කොන්දේසි මත ඇප

රාත්‍රී කාලයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී අවුරුදු 56ක් වයසැති පෙරපාසල් ගුරුවරියක් දූෂණය කිරීමේ චෝදනාවට පසුගිය 06 වනදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරුවෙක් දැඩි ඇප කොන්දේසි මුදාහැරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් ඊයේ (20) නියෝග කළා.

ඒ, අනුව 60 හැවිරිදි සැකකරු රුපියල් තුන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි අධිකරණය එහිදී නියෝග කළේ.

ඊට අමතරව සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9.00ත් 12.00ත් අතර බඩල්ගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප නියම වූ සැකකරුට නියෝග කළා.

සැකකරු වින්දිත කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත්, සිද්ධිය සිදුවීමට පෙර දින හමුවූ අවස්ථාවේ සැමියා සහ දරුවන් නිවසේ නොමැති බව පවසා නිවසට පැමිණෙන ලෙස ඇය විසින් සැකකරුට දන්වා ඇති බව සඳහන්.

කාන්තාවගේ ඇරයුම මත තමන් ඇයගේ නිවසට ගිය බවට සැකකරු බඩල්ගම පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සටහන් වන බව අධිකරණයේ දී සඳහන් වුණා.

වින්දිත කාන්තාව සහ සැකකරු යන දෙදෙනාම බඩල්ගම පොලිස් වසමේ පදිංචි අසල්වැසියන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුට එරෙහිව අදාළ පැමිණිල්ල කාන්තාව විසින් පොලිසියට සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම නඩුව ලබන ජුලි මස 11 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර එළියට ඇවිත් කිව්ව දේ - ආණ්ඩුවේ හොරු ඉස්සෙල්ලා අල්ලලා පස්සේ අනිත් අය අල්ලන්න
01:47
Video thumbnail
ගොන් මාධ්‍ය ටිකක් තියෙනවා - ඒවත් එක්ක මේවා ඉස්සරහට යන්න අමාරුයි
04:10
Video thumbnail
කපිලගේ නඩුවට ඇපකරුවන් සොයාදුන් තැරැව්කරුවන් රිමාන්ඩ්
01:04
Video thumbnail
මෙහෙම කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ
03:48
Video thumbnail
ජනතාව තවත් ඉවසනවා ද.. දැන්වත් නැගිටිනවා ද..?
04:53
Video thumbnail
පන්න පන්න ජනතාවගෙන් පළිගන්න ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ
06:00
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53