පෙම්වතිය හමුවීමට ආ කොස්තාපල්ට පොල්ලකින් ගහලා

තම පෙම්වතිය හමුවීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බව රස්නායකපුර පොලීසිය පවසනවා.

ඊයේ (25) පස්වරු 6.00ට පමණ රස්නායකපුර – පන්සල පාර ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වාලාච්චේන පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

කන්තලේ, සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවක් වන මෙම පොලිස් නිලධාරියා රස්නායකපුර, පන්සල පාරේ පදිංචිව සිටින තම පෙම්වතිය හමුවීම සදහා ඇයගේ නිවසට ඊයේ (25) පැමිණ තිබෙනවා.

එලෙස පැමිණ සිටිය දී ඇති වූ බව කියන බහින් බස්වීමකින් පසු පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පොලිස් නිලධාරියාට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

පහරකෑමෙන් පසු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26