සිය පෙම්වතියගේ අනෙක් පෙම්වතා ඝාතනය කිරීම සඳහා බෝම්බයක් රැගෙන පැමිණි තරුණයෙකු අම්පාර – එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සැකකරු තරුණියව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන දෙදෙනා අතරට ප්‍රේම සබඳතාවක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම තරුණිය වෙනත් තරුණයකු සමඟ ද සම්බන්ධයක් පවත්වන බවට පසුව සැකකාර ෆේස්බුක් පෙම්වතාට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.
එහිදී කෝපයට පත් සැකකරු බෝම්බයක් ද රැගෙන අම්පාර – එරගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය පෙම්වතිය සමඟ සබඳතාව පවත්වන අනෙක් පුද්ගලයා ඝාතනය කිරීමේ අරමුණින්.
පසුව ලද තොරතුරක් මත අදාළ සැකකරු රැගෙන ආ ජීව අත්බෝම්බය ද සමඟ එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (29) අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.




