පෙම්වතියගේ පෙම්වතා ඝාතනය කරන්න ෆේස්බුක් පෙම්වතා බෝම්බයක් රැගෙන අම්පාරට එයි

සිය පෙම්වතියගේ අනෙක් පෙම්වතා ඝාතනය කිරීම සඳහා බෝම්බයක් රැගෙන පැමිණි තරුණයෙකු අම්පාර – එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සැකකරු තරුණියව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන දෙදෙනා අතරට ප්‍රේම සබඳතාවක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම තරුණිය වෙනත් තරුණයකු සමඟ ද සම්බන්ධයක් පවත්වන බවට පසුව සැකකාර ෆේස්බුක් පෙම්වතාට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.

එහිදී කෝපයට පත් සැකකරු බෝම්බයක් ද රැගෙන අම්පාර – එරගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය පෙම්වතිය සමඟ සබඳතාව පවත්වන අනෙක් පුද්ගලයා ඝාතනය කිරීමේ අරමුණින්.

පසුව ලද තොරතුරක් මත අදාළ සැකකරු රැගෙන ආ ජීව අත්බෝම්බය ද සමඟ එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (29) අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40