පූර්ණ වෙනසකට වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ඉල්ලූ බලය ශ්‍රී ලංකා වැසියෝ එක්ව දෙති – ජාත්‍යන්තර මාධ්‍යයෙන් NPP විජයග්‍රහණය ගැන කියයි (ඡායාරූප)

මෙරට ඓතිහාසික පාර්ලිමේන්තු විජයග්‍රහණය පිළිබඳ ව ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි අවධානයක් යොමු ව තිබුණා.

ඔවුන් සිය ප්‍රවෘත්ති අවකාශයේ ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කරගැනීම ගැන වාර්තා කර තිබුණේ එය ‘දැවැන්ත සෝදා හැරීමක්’ ලෙසයි.

ලොව ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් වන ‘REUTERS’ විසින් ශ්‍රී ලංකාවේ පෙරේදා (14) දින පැවැත්වූ මහ මැතිවරණය වාමාංශික දේශපාලනික ව්‍යාපාරය මගින් ලැබූ ජයග්‍රහණය පිළිබඳව වාර්තා කර තිබුණේ; ” Sri Lankan president’s coalition wins big majority in general election” යනුවෙන්.

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සන්ධානය විශාල බහුතරයක් දිනාගත් බව සඳහන් කරමින් රොයිටර්ස් පුවත් සේවය ආසියාතික කලාපයට වන සිය වෙබ් අඩවියේ සිරස්තලයක් වෙන් කර තිබුණා.

මූල්‍ය කඩා වැටීමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයිනේ දරිද්‍රතාව සහ විවිධ අරගලවලට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වාම පෙරමුණේ ජයග්‍රහණය රටේ සමස්ත දූෂිත දේශපාලනය සහමුලින්ම අතුගා දැමීමට සමත් වූ බව එහි සඳහන්.

දැඩි මාක්ස්වාදී නැඹුරුවක් සහිත ශ්‍රී ලංකා රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය පක්ෂය ඉතිහාසගත 2/3ක බලයක් පාර්ලිමේන්තුවේ දිනා ගනිමින් ආසන 159ක් ලබා ගන්නට ද සමත් වූ බව රොයිටර්ස් වාර්තා කර තිබෙනවා.

සුළුතර දෙමළ ජනයාගේ නිවහන වන රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් විස්මිත පිටුබලයක් සහිත පුළුල් ජන බලයක් පෙර නොවූ විරූ ලෙස අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවට ලැබුණු බවයි ජාත්‍යන්තර දේශපාලනික සහ මැතිවරණ නිරීක්ෂකයින් මෙන් ම විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දූරකථනයෙන් තරග වැදුණු සමගි ජන බලවේගය පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිවුණේ ආසන 40ක් පමණයි.

225කින් සමන්විත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමය ඔස්සේ මහ මැතිවරණයකින් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කරගනිමින් මහජන මතයෙන් තේරී පත් වන අතර 29 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනවා.

ජාතික ජන බලවේගයේ ආසන 141 මහ ඡන්දයෙන් සෘජුව එක් වන අතර 18 දෙනෙකුට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් එක් වීමට අවස්ථාව සැලසෙනවා.

රොයිටර්ස් උපුටනයන්ට අනුව නව ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ රට තුළ දූෂණය, වංචාව, දුප්පත්කම ආදිය තුරන් කර රථ ස්ථාවර කිරීමට බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර BBC සහ ALJAZEERA මාධ්‍ය නාලිකා ද ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය ලද ජයග්‍රහණය වාර්තා කර තිබුණේ පිළිවෙළින්;

”Sri Lankan leader seeks big majority in snap election” (BBC)

‘‘Need a change’: Sri Lanka’s leftist win sparks hopes, bridges old divides” (ALJAZEERA)
ලෙස වාර්තා කර තිබුණා.

එමෙන්ම අසල්වාසී ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලද විජයග්‍රහණය බොහෝ මාධ්‍ය නාලිකා වාර්තා කර තිබුණේ ‘ උතුරු – නැගෙනහිර සුළු ජනතාව සිය වරම වාමාංශික දේශපාලනයකට ලබාදීමෙන් දේශපාලන ඉතිහාසය සාර්ථක ලෙස වෙනසකට භාජනය කළ බවයි.”

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පක්ෂය බහුතර බලයක් දිනා ගනිමින්; ඉන්දියාව සමඟ සංකීර්ණ ඉතිහාසයකට තවදුරටත් ගමන් කරන බවයි ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන ”NDTV” වාර්තා කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ, විධායක බලය ජනාධිපතිවරයා සතු බවත් බදු කපා හැරීම, දේශීය ව්‍යාපාරවලට සහාය වීම සහ දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීම යන ප්‍රධාන පොරොන්දු ඉටු කිරීම සඳහා පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට අනුර කුමාර දිසානායකට එරට ජනතාව දැවැන්ත ජන වරමක් ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

හදිසි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ වාම සන්ධානයට විශිෂ්ට ජයක් ලැබුණු බවත් මූල්‍ය කඩාවැටීමෙන් පසු දූෂණයට සහ සොරකම් කළ වත්කම් ආපසු අයකර ගැනීමට අවශ්‍ය ජනවරම දැන් අනුර දිසානායකට ඇති බවත් අල් ජසීරා වාර්තා කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය විසින් තවදුරටත් ශ්‍රී ලංකාවේ පුළුල් දේශපාලනික ප‍රිවර්තනය තවත් මාධ්‍ය තුළින් වාර්තා කරනු ලැබුවේ පහත පරිදියි.

NDTV
mint
China
reuters
bbc
front
AlJa
The Hindu


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39