පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ප්‍රධාන ජූරි මණ්ඩලයට ශ්‍රී ලාංකිකයෙක් සුදුසුකම් ලබයි

ලොව සුප්‍රසිද්ධ චිත්‍රපට උලෙළක් ලෙස සැලකෙන ‘ පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ’ එළඹෙන 13 වැනි දා සිට පුරා දින 07ක කාලයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දියි.

2025 ව‍ර්ෂයට සමගාමී ව මෙම චිත්‍රපට උලෙළ 23 වැනි වරට පැවැත්වෙනවා.

මෙහි ශ්‍රී ලංකාවට ඇති විශේෂත්වය වන්නේ; ප්‍රධාන ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල් මහතා ද තේරී පත් වී තිබීම යි.

ශ්‍රී ලංකාවට අමතර ව මෙම චිත්‍රපට උලෙළේ ජූරි මණ්ඩලයට ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍යයන්හි පිළිගත් සිනමා අධ්‍යක්ෂවරුන් එක් වනවා.

ඒ අතර රටවල් 07ක් නියෝජනය කරමින්, ඉරාන චිත්‍රපට තිර රචකයෙකු සහ කීර්තිමත් චිත්‍රපට නිෂ්පාදිකාවක් වන තමිනෙහ් මිලාන් (Tamineh Milan), ෆින්ලන්ත චිත්‍රපට අධ්‍යක්ෂ පෙට්‍රි කොට්විකා (Petri Kotwica), පෘතුගීසි සිනමාවේදී මාර්ගරිඩා ගිල් (Margarida Gil), මාර්කෝ බෙචිස් (Marco Bechis) නමැති චිලී – ඉතාලි සිනමා අධ්‍යක්ෂ, සර්බියානු සිනමාවේදී ජෙජෝඩෙ ස්ටොජිල්කොවික් (Djordje Stojiljkovic), උර්වෂී අර්චනා (Urvashi Archana)නම් වූ දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට රංගන ශිල්පිනියක් සහ දකුණු ඉන්දියානු සහ ⁣බෙංගාලි සිනමාවේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරියක් වන අනිරුද්ධා රෝයි චෞද්‍රි (Aniruddha Roy Chowdhury) එක් වනු ඇති.

පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ මෙවර ද කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත්වෙනවා.

මෙවර මෙම උත්සවයේ තේමා පාඨය වන්නේ ‘සිනමාව හරහා සංස්කෘතික කතිකාව ශක්තිමත් කිරීම’ යන්න යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49