පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවලින් නිවාස 50ක අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ලබාදීම සිදු කෙරුණා.
ඒ, අනුව මෙම පවුල් 50 සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සමඟ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රු. 175,000ක පමණ වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ද මෙහිදී හිමිවනවා.
මෙම එක් නිවසක් සඳහා ඉදි කිරීමට රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර නිදන කාමර 2ක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් මෙම නිවසක් සමන්විතයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකතවයෙන් මෙම නිවස ව්‍යාපෘතිය ඉදිකරනු ලැබුවා.













