පූජ්‍ය කටුදොර සුමන ස්වාමීන්වහන්සේ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ කළුතර දිස්ත‍්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ ද්විතීය සංඝනායක පදවියෙන් පිදුම් ලැබ තිබෙනවා.
වලල්ලාවිට ගුලවිට කටුදොර ගලපිටගල පුරාණ විහාරය, මාලිගාවත්ත ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති පූජ්‍ය කටුදොර සුමන ස්වාමීන්වහන්සේට මෙම නායක පදවිය පිරිනැමුණේ සද්ධරමකීර්ති ශ්‍රී සිරිනිවාස යන ගෞරව නාමය ද සහිතවයි.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝනායක පදවිය පිරිනැමීම ඊයේ සිදු කෙරුණේ මහනුවර මල්වතු මහා විහාරයේ දීයි.
සුමන ස්වාමීන්වහන්සේ සිදු කළ ශාසනික අධ්‍යාපනික මෙන්ම සමාජීය මෙහෙවර අගය කරමින් මෙම නායක පදවිය පිරිනමා තිබෙනවා.
හෙට (09) උන්වහන්සේ පිලිගැනීමේ උත්සවයක් වලල්ලාවිට ගුලවිට කටුදොර ගලපිටගල පුරාණ විහාරස්ථානයේදී සිදු කිරීමට ද නියමිතයි.














මෙවැනි තනතුරු මොකටද හාමුදුරුවන්ට.
ඔය තනතුරුවලින් ජාතියට ආගමට සමාජයට අඩුම තරමින් තමන්ටවත් යහපතක් වී තිබේද ?