පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමිගෙන් ජනපතිට විශේෂ ලිපියක්

පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරාදීම සම්බන්ධයෙන් අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගේ අවදානයට ලක්කර ඇති බව සඳහන්.

එම හිමියන් අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහාය දක්වන පුද්ගලයින්ට ඉඩම් ලබාදීම නුසුදුසු බවයි.

මේ මඟින් අනාගතයේ දී විශාල විනාශයක් සිදුවිය හැකි බවත් පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් පෙන්වා දෙනවා.

මුලතිව් හි පිහිටි ඓතිහාසික කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් එම ඉඩම් හිමිවිය යුතු ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයේ නිලධාරීන් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව නියෝග කරනු ලැබුවා.

එල්ලාවල මෙධානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

WhatsApp Image 2023 06 13 at 2.33.28 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !