පූජකවරයාට පහරදුන් පොලිසියේ පිරිසට ඇප

කතෝලික පූජකවරයෙක්ට පහරදීමේ චෝදනාවක් සමබන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධාගාර ගත කර සිටි ගම්පහ පොලිස් විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරීන් හය දෙනාට ඇප හිමිව තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් පිරිස අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ ‍පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 25 වැනිදා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්