පුළුවන් නම් මැතිවරණයකින් සමගි ජන බලවේගය විනාශ කරන්න

අද වනවිට සමගි ජන බලවේගය විනාශ කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් ගෙන යන බවත් තමා ජීවත්ව සිටින තුරු පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පැවසුවා.

පුළුවන් නම් මැතිවරණයකින් සමගි ජන බලවේගය විනාශ කර පෙන්වන ලෙසත් ඒ අභියෝගය අපේ පක්ෂයත් අපේ මන්ත්‍රී කණ්ඩායමත් භාර ගැනීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.