පුවත්පත් මංගල යෝජනාවෙන් හාද වූ කත හැටහතේ මනාලයාගේ මිලියන ගාණකට විදලා

පුවත්පතක පළ කර තිබූ මංගල යෝජනාවක් ඔස්සේ දැන හැඳිනගෙන වයස 67ක පුද්ගලයෙකුගෙන් වංචනිකව මුදල් ලබාගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක කාන්තාවක් සහ ඇගේ බෑණා සහ තවත් ඥාති පුතකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 45ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු විසින් තමාට සහකාරියක් සොයා ගැනීමට පුවත්පතක මංගල යෝජනාවක් පළ කර ඇති අතර, සැකකාර කාන්තාව එම දැන්වීම හරහා ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කාන්තාවගේ ඉල්ලීම පරිදි මෙම පුද්ගලයා ඇය පදිංචිව සිටි ගන්නෝරුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇති අතර, එහිදී දෙදෙනා බොහෝ වේලාවක් කල් ගත කර ඇති බව සඳහන්.

එම අවස්ථවේ දී මෙම පුදගලයා විසින් අදාළ කාන්තාව වැළඳගෙන ඇයගේ ලැම ප්‍රදේශයට හාද්දක් දී නිවසින් පිටව ගොස් තිබෙනවා.

පසුදින සැකකාර කාන්තාව විසින් පිරිමි පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, පෙරදින හාදුව දෙන අවස්ථාවේ පපු ප්‍රදේශය තදවීම නිසා තමාගේ පපු ප්‍රදේශයේ නහරයක් පුපුරා ගොස් ඇති බවයි.

ඒ, අනුව තමා රෝහල් ගත වූ බවත් එය සුවපත් කිරීමට ලක්ෂ 30ක පමණ මුදලක් වැයවන බව ද ඇය පවසා තිබෙනවා.

එහිදී බියට පත්වූ පුද්ගලයා විසින් අදාළ කාන්තාවගේ බැංකු ගිණුම ඔස්සේ ඇයට එම මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දිගින් දිගටම සැකකාර කාන්තාව වෛද්‍යවරුන් සහ පොලිස් නිළධාරීන් ලෙස ද පුද්ගලයින් යොදවා අදාළ පුද්ගලයාගෙන් අවස්ථා කිහිපයක දී මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව වාර කිහිපයක දී බැංකු ගිණුම ඔස්සේ රුපියල් හැටනව ලක්ෂයකට වැඩි මුදලක් සැකකාර කාන්තාව වංචනික ලෙස මොහුගෙන් ලබාගෙන තිබෙනවා.

දිගින් දිගටම මෙම කාන්තාවගෙන් සිදුවන කරදර ඉවසාගත නොහැකිව මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වූ නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, එලෙස ඉල්ලා තිබූ ලක්ෂ 25 ක මුදලක් රැගෙන යාමට නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයට පැමිණි සැකකාර කාන්තාවගේ බෑණා සහ අනිත් ඥාති පුත්‍රයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන්ගෙන් ලද තොරතරු අනුව සැකකාර කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අද (07) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
64
+1
5
+1
3
+1
10
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54