පුරාවිද්‍යා රක්ෂිත භූමියේ සාජ්ජ දැමූ නිලධාරීන්ට දැඩි අප්‍රසාදයක්

පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් එක් ව පෞරාණික පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක සිට මත්පැන් සාදයක් පවත්වා විනෝද වීමේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පසුගියදා (06) ඇළහැර කලාප කාර්‍යාලය විවෘත කිරීමේ උත්සවයට පොළොන්නරුව පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරීන් සහ එහි සේවක කණ්ඩායමක් පැමිණ ඇති බවයි.

ඉන් අනතුරුව මොවුන් ඇළහැර – ඇල්ල පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි ජන්තාගරය සහ බෝධිඝරය අසල ස්ථානයේ මත්පැන් සාදය පවත්වා, නර්තනයේ යෙදී ඇති ආකාරයයි අදාළ වීඩියෝ පටයේ දැක්වෙන්නේ.

පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරන්නේ මෙය නීතිවිරෝධී ක්‍රියාවක් බැවින් කිසිසේත්ම පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ මෙවැනි ක්‍රියාවක් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

මෙම ”කුමාර ඇල්ල පුරාවිද්‍යා ස්ථානය” අතීතයේ භික්ෂූන් වහන්සේලාට උවටැන් කළ ස්ථානයක් ලෙසටයි පිළිගැනෙන්නේ.

මෙසේ මත්පැන් සාදය පවත්වා ඇත්තේ පොළොන්නරු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ නලින් වීරරත්න සහ නඩත්තු අංශයේ ප්‍රධාන නිලධාරිනිය ඇතුළු පිරිස බව ද වාර්තා වනවා.

පුරාවිද්‍යාත්මක ස්ථානවල මත්පැන් පානය කිරීම සපුරා තහනම් වුවත්, ඔවුන් එය තුට්ටුවකට මායිම් නොකර නර්තනයේ යෙදෙන බවයි දක්නට ලැබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39