පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් පිරිසකට තුවාල

ඉමදුව, හොරදුගොඩ ප්‍රදේශයේ දී පෞද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් අද (24) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව ඉමදුව පොලිසිය පවසනවා.

ඉමදුව දෙසට ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් සහ කොග්ගල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් රැගෙන ජඹුරෙගොඩ දෙසට ධාවනය වූ බස් රථ දෙකක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

එම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව අසල තිබූ නිවසක ආරක්ෂිත තාප්පයක ද ගැටීමට ලක්ව ඇතැයි පොලිසිය පවසනවා.

එමෙන්ම එම නිවසේ තාප්පය අසල යතුරුපැදිය නවතා තිබූ යතුරුපැදියකට ද තාප්පය කඩා වැටීම නිසා හානි සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන් කීපදෙනෙක් තුවා ලබා ඇති අතර ඔවුන්ව ඉමදුව රෝහලට ගෙන යාමට කටයුතුකර තිබෙනවා.

අනතුර සමිබන්ධයෙන් ඉමදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18